ඉන්දීය අගමැතිගෙන් නව ජනපතිට ආරාධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි කළ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බව ඉන්දීය අගමැති කාර්යාලය සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිය ට්විටර් ගිණුම හරහා ඊයේ (17) සුබ පැතුම් පළ කර තිබුණි.

අනතුරුව ඊයේ රාත්‍රි නරේන්ද්‍ර මෝදි හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් ද සිදුවු බව ඉන්දීය අග්‍රාමාත්‍යකාර්යාලය සඳහන් කළේය.

එහිදී නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් පළකළ නරේන්ද්‍ර මෝදි එරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර ඇත.

ඊට ස්තූතිය පළ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ සංවර්ධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දීයාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට තමා සූදානම් බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදුකළ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සිදුකළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =