ගෝඨාභය ජනපති ලෙස තෝරා පත් කර ගත් බවට ගැසට් පත්‍රය නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බවට වන ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති අටවන ජනාධිපතිවරණයෙන් සියයට 52. 25ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *