කොළඹ වරායේ දී හදිසි අනතුරකින් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නැගෙනහිර පර්යන්තයේ නවතා තිබු බඩු බාමින් සිටි නැවක දොඹකරයේ දම්වැල් කැඩී එක් සේවකයෙකුගේ හිසේ වැදී බරපතළ තුවාල සිදුව ඇත.

පසුව තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනතුර සිදුව ඇත්තේ ඊයේ(18) උදෑසන 9.30ට පමණ පමණය. අනතුරින් මිය‍ගොස් ඇත්තේ ඇල්දෙනිය, කඩවත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුළුපොත වාඩිය ගෙදර, ප්‍රියන්ත ගුණතුංග යන අයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට බාර දී තිබේ. කොළඹ වරාය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 9 =