නව ජනපති, ධූරයේ වැඩ භාර ගනී

(කොළඹ, ලංකාපුවත්) – හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) එළඹුණු සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

සරල කෙටි උත්සවයකින් එම කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබුණි.

අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා ගෞරව ප්‍රණාමයක් පිරිනැමිණ.

ඉන් අනතුරුව, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන් හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පංචශීලයේ පිහිටුවමින් සිදුකළහ.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − thirteen =