යුරෝපා සංගමය නව ජනපතිය සුබ පතමින් සිය ස්ථාවරය පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) – නව ජනාධිපති ලෙස පත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමයද සුබපැතුම් එක් කර තිබේ.

යුරෝපා සංගමය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ අංශ කිහිපයක් ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ඇති බවද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ද භාවිත කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්ථාවරත්වය තහවුරු කර ඇති බවට සනාථ වී ඇති බව එම සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

වෙළදාම, විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්‍ෂාව ඇතුළු අංශ ගණනාවක් ආවරණය වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *