සා.පෙළ විභාග මධ්‍යස්ථානයක් කත්මණ්ඩු නුවරදී

(කොළඹ, ලංකාපුවත්) – දෙසැම්බර් මස 02 වනදා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර විශේෂ විභාග මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 7 දෙනෙකු නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මධ්‍යස්ථාන 4987 කදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර එළඹෙන දෙසැම්බර් මස 02 වැනිදා සිට 12 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා විභාග අපේක්ෂකයින් 717,008 ක් පෙනී සිටීමට සුදුසුකම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 13 =