සිඩ්නි නුවර දුමාරයෙන් වැසී යයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර දැඩි දුමාරයක් පැතිර ඇති අතර, කලාපය පුරා විශාල වශයෙන් ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

තද සුළං නිසා නගරයට උතුරින් අභ්‍යන්තර ගින්නක් හටගෙන රාත්‍රියේ දී දුමාරයක් ඇතිවූ අතර සිඩ්නිහි වාතයෙහි ගුණාත්මක භාවය අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වේ.

ගින්නෙන් සති ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර මිලියන පහක පමණ ජනතාවක් ජීවත් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියා ප්‍රාන්ත කිහිපයක ඔක්තෝම්බර් මාසයේ සිට පවතින ලැව් ගිනිහේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *