උතුරු-නැගෙනහිර අද රාත්‍රී සිට වැස්ස වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දිනවලදී විශේෂයෙන් අද(21) රාත්‍රියේ සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.සෙසු ප්‍රදේශ වලතැනින් තැන ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුවසහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *