දි.මු. ජයරත්නගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය හෙට (22) පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීරණයකට අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ මන්ත්‍රීවරුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන බව ඔහු කියා සිටියේය.

දි.මු.ජයරත්න මහතා මෙරට 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට පත්වූයේ 2010 වර්ෂයේදීයි.

ඒ සමග එතුමා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යධුරය ද දැරීය.

දි.මු.ජයරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න මහතා ඇතුළු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල, දොලූව, හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − eleven =