පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් කාරක සභා රැස්වීමක් අද

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් අද (21) පැවැත්විමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 11.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්විමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්විමක් අද දිනයේ පවත්වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two − 1 =