පළාත් 06කට නව ආණ්ඩුකාරවරු පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පළාත් හයක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඔවුන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිය ධුරයන්හි දිවුරුම් දී ඇත.

ඒ අනුව වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි.

ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති අතර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පෙත්කර තිබේ.

රාජා කොල්ලුරේ මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, ආචාර්ය විලී ගමගේ මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *