පාන් මිල රු. 05කින් පහළට

(කොළඹ, ලංකාපුවත්) –තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සහ වැඩිකළ පාන් ගෙඩියක මිල අද සිට යළි පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ඊයේ දින රුපියල් 5කින් ඉහළ දැමූ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද උදෑසන සිට යළි රුපියල් 5කින් පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉහළ දැමූ තිරිඟු පිටි මිල යළි පහළ දමන බවට අදාළ සමාගම් දැනුම් දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 14 =