රනිල් අගමැති ධුරයෙන් ඉවත්වීම ජනපතිට නිල වශයෙන් දන්වයි

(කොළඹ, ලංකාපුවත්) – තමා ධුරයෙන් ඉවත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් දැනුම් දී ඇත.

අද(21) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉල්ලා අස්විම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් සදහන් වේ.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය අමතමින් සිය සමුගැනීමේ දේශනය සිදු කර තිබේ.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (20) පැවසුවේ තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවයි. ජනවරමට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩ සලසා දෙමින් එම තීරණය ගන්නා බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *