රුසියානු නාවික හමුදා, තානාපති නිළධාරීන් දකුණේ ආණ්ඩුකාර හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු නාවික හමුදා නිළධාරී කර්නල් ඩනිස් මහතා ඇතුළු රුසියානු නාවික හමුදා නිළධාරීන් සහ රුසියානු තානාපති කාර්යාලයේ නිළධාරීන් පිරිසක් පසුගිය දා දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා හමුවිය.

එහිදී රුසියාව හා ශ්‍රී ලංකාවේ දකුණු පළාත අතර වෙළඳ, සංචාරක කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය.

ඉදිරියේ දී දකුණු පළාත හා රුසියාවේ තෝරාගත් ප්‍රාන්ත සමග සහෝදරත්ව නගර ගිවිසුමකට අත්සන් කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවයේ අවධානය යොමුවිය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ඒ. යූ. වේලාරත්න මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *