මාලිංගගේ තීරණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව ද තවදුරටත් තමන් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ රැඳී සිටීමට සූදානම් බව ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩක ලසිත් මාලිංග පවසයි.

කෙසේවෙතත් මීට පෙර ප‍්‍රකාශ වී තිබුණේ 36 හැවිරිදි ඔහු ලෝක කුසලානයෙන් පසු විස්සයි විස්ස කි‍්‍රකට් පිටියෙන් ද සමුගනු ඇති බවයි.

තවත් වසර දෙකක පමණ කාලයක් තමන්ට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරග සඳහා සහභාගී විය හැකි බව ලසිත් මාලිංග ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට අදහස් දක්වමින් සදහන් කර ඇත.

තමාගේ හැකියාව පන්දු යවන්නෙකු ලෙස මෙන්ම නායකයෙකු ලෙස ද කළමනාකරණය කරගත හැකි බව ඔහු සදහන් කරයි.

ලොව පුරා පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වී තමන් ලද අත්දැකීම් ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කර තිබේ.

ලසිත් මාලිංග පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් පිටියේ කඩුළු 100 ක් බිඳ හෙලූ ලොව පළමු සහ එකම පන්දු යවන්නා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *