ශ්‍රී ලංකා නව අගමැතිට මෝදිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සුබ පැතුම් එක්කර ඇත.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව අගමැති මෝදි මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *