එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තමන් හෝ පවතින යාන්ත්‍රණය වගකිව යුතු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තමන් හෝ පවතින යාන්ත්‍රණය හෝ වගකිව යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද (22) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ එහි කාර්ය මණ්ඩලය ඇතුළු රැස්ව සිටි පිරිස අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා බව පැවසු හිටපු අගමැතිවරයා, ඒ අනුව අනෙක් පක්ෂවල කැමැත්ත මත ජනාධිපතිවරණයට ගිය බවත් පැවසීය.

මෙම යාන්ත්‍රණය හා සිරිකොත එම වැඩකටයුතු කළ බවට තමාට සහතික විය හැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා මෙම මැතිවරණය අඩපණ කළා යැයි පැවසෙන චෝදනා තමාගෙන් හෝ තමා විසින් නිර්මාණය කරන ලද යාන්ත්‍රණය තුළින් සිදු නොවුවක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *