ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ප්‍රාන්තවලට ව්‍යසනකාරී ලැව්ගිනි අනතුරු ඇඟවීම්

(කොළඹ, ලංකාපුවත්) –ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකට ලැව්ගිනි අවධානම මතු වීම හේතුවෙන් එම ප්‍රාන්ත දෙකට ද ව්‍යසනකාරී ලැව්ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ලැව්ගිනි වලින් වඩාත් දරුණු ලෙස බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂා කරන්නේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයටයි. ලැව් ගිනි අවධානම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පාසැල් සියයක් පමණ වසාදමා තිබේ.

පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවල ප්‍රචණ්ඩ ලෙස ලැව්ගිනි පැතිර ගියේය.

ලැව්ගිනිවලින් එම ප්‍රාන්තවල නිවාස, ගොවිබිම් ඇතුළු දේපළ රැසක්ද විනාශ විය.

මේ දිනවලදී කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක පමණ ඉහළ අගයක් ගෙන ඇති අතර වියළි හා සැඩ සුළඟක්ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *