ජනපතිගේ වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ප්‍රීමා පිටි මිල අඩු කරයි

(කොළඹ, ලංකාපුවත්) – අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළඳසැල් දැනුවත් කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 13 =