ජනපති පදිංචියට ජනපති මන්දිරයට නොයයි

(කොළඹ, ලංකාපුවත්) – සිය පදිංචිය සදහා ජනාධිපති මන්දිරය හෝ වෙනත් නිල නිවසක් ලබා නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය තාන්ති‍්‍රක සහ නිල කටයුතු සදහා පමණක් ජනාධිපතිවරයා, ජනාධිපති මන්දිරය යොදා ගනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ පදිංචිව සිටිනු ඇතැයිද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =