තායිලන්තයෙන් පාප් වහන්සේට ඉහළ පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – ෆ්රැන්සිස් පාප් වහන්සේ ගේ තායිලන්ත සංචාරය ආරම්භ කරමින් පෙරේදා (20) ව බැංකොක් නගරයට පැමිණියහ.

බෞද්ධ රාජ්‍යයක් වන තායිලන්තයෙන් එතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. මිලියන 69ක් වන තායිලන්ත ජනගහනයෙන් 1%ක් කතෝලිකයන් වේ. පාප් වහන්සේ ගේ මෙම සංචාරය අතරතුර එරට රජු ද මුණ ගැසීමට නියමිත අතර එතුමාගේ සංචාරය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

පාප් වහන්සේ කෙනකු තායිලන්තයේ සංචාරය කරන්නේ වසර 35කට පසු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 8 =