දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) අවසන් ගෞරව දැක්වීය.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

දිවංගත අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ දේහය අද පස්වරු 01.00 ට පමණ ගුවන් මගින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන එනු ලැබීය. පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබුණි.

ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජසයූරිය සහ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

දී. මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට(23) පස්වරුවේ ගම්පොල දොළුව ක්‍රීඩාංගණයේ සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − five =