කොටස් වෙළෙඳපොළ තව තවත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් වෙළෙඳපොළ ‍ඊයේ (21) ගනුදෙනු නිමාවනවිට ඉකුත් සතියට සාපේක්ෂව සියයට තුනක (3%) වර්ධනයක් වාර්තා කොට තිබේ.

ඉකුත් නොවැම්බර් 15 දා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686.52ක් විය. එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708.53ක් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධානී (වෙළෙඳපොළ ප්‍රවර්ධන) නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළේය. මේ වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම පිරිවැටුම වූ රුපියල් බිලියන 2.4 ක ප්‍රමාණය මේ සතිය ආරම්භයේ 18 වෙනිදා සිදුවූ බවද විජේසුන්දර මහතා කීය.

මේ සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් විදුලිබල හා බලශක්ති අංශයේ 6.3% ක් ද, නිෂ්පාදන අංශයෙන් 6.1% ක් ද, ආයෝජන අංශයෙන් 4.5% ක් ද, ආහාර හා දුම්කොළ 3.1% ක් ද,සේවා අංශයෙන් 3% ක් ද වර්ධනය වූ බව ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *