නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී ආරම්භයි

(කොළඹ, ලංකාපුවත්) – නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *