නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(22) දිවුරුම් දීමේ ජාතික උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.

ඒ අනුව මෙලෙස දිවුරුම් දෙනු ලැබු නව අමාත්‍ය මණ්ඩලය වන්නේ,

01. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය

02. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් සහ නිති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

03. ආරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

04. දිනේෂ් ගුණවර්ධන – විදේශ සබන්ධතා, නිපුණතා සහ රැකිරක්ෂා අමාත්‍ය

05. ඩග්ලස් දේවානන්ද – ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය

06. පවිත්‍රා වන්නිආරච්ච් – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය

07. බන්දුල ගුණවර්ධන – තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය

08. ජනක බණ්ඩාර තෙන්නකොන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

09. චමල් රාජපක්ෂ – මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය

10. ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය

11. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය

12. විමල් විරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ අමාත්‍ය

13. මහින්ද අමරවිර – විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය

14. එස්.එම්. චන්ද්‍රසේන – පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය

15. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂි කර්ම අමාත්‍ය

16. ප්‍රසන්න රණතුංග – සංචාරක සහ ගුවන් සේවා / කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *