ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනිය සහ ජපාන තානාපති, ජනපතිව හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය අද(22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටි අතර මෙහිදී දෙපාර්ශවය සුහද කතා බහක නිරත වූහ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සුහද කථා බහක නිරත විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් තොෂිහිරෝ කිතමුරු, නියෝජ්‍ය ලේකම් තකේෂි ඔසකි යන මහත්වරුන් ද මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *