රුවන්වැලි මහාසෑයේ චූඩාමාණික්‍ය පැළඳවීම අද

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික රුවන්වැලි මහාසෑයේ නව චූඩාමාණික්‍යය පැළදවීමේ පුණ්‍යෝත්සවය අද (25) පස්වරුවේ පැවැත්වේ.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පස්වරු 5 ට ආරම්භ කිරීමට නියමිතය.

නව චූඩාමාණික්‍යය මේ වනවිට රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කර ඇති බව රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළහ. නව චූඩාමාණික්‍යය සහිත කොත නිරාවරණය හෙට (26)පෙරවරුවේ සිදු කෙරේ.

රුවන්වැලි මහා සෑයට නව චූඩාමාණික්‍යයක් පැළදවීම සිදුවන්නේ වසර 80 කට පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *