නවදිල්ලියේ ඔක්සිජන් ආශ්වාස කිරීමට ‘ඔක්සිජන් බාර්’

(කොළඹ, ලංකාපුවත්) –නවදිල්ලියේ වායු දූෂණ තත්ත්වය නිසා ඔක්සිජන් ආශ්වාස කිරීමට ‘ඔක්සිජන් බාර්’ පිහිටුවීමේ පුවතක් වාර්තා වේ.

එහි දී විනාඩි 15ක් පුරා ඔක්සිජන් වායුව ආශ්වාස කිරීමට අයකිරීම ඉන්දියානු රුපියල් 300ක් වන බව පැවසේ. මෙහිදී රෝහලක මෙන් ඔක්සිජන් ආශ්වාස කිරීම සඳහා උපකරණ පිහිටුවා ඇති අතර තම අභිමතය පරිදි සුවඳ කැවූ ඔක්සිජන් මිලට ගැනීමට හැකි බව ද වාර්තා වේ.

නවදිල්ලියේ මෙන්ම උතුරු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ වායු ගුණාත්මක බවින් අතිශය දුර්වල ස්ථානයකට පත්ව තිබේ.

බොහෝ ශ්වසන රෝග සඳහා ද මේ තත්ත්වය හේතු වන නිසා ඉදිකිරීම් කටයුතු, වාහන ධාවනය සහ පාසල් කටයුතු සම්බන්ධයෙන් විවිධ සීමා මායිම් පැනවීමට බලධාරීන්ට සිදුව ඇති බව ද කියවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *