(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියානු ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් වූ Goo Hara ගේ මියගිය සිරුර ඊයේ දිනයේ සවස ඇයගේ නිවසේ තිබී හමුවී තිබේ.
මියයන විට ඇය 28 වන වියේ පසු වූවාය. ගීත වලට අමතරව city hunter, secret love වැනි නාට්‍යවල රංගනයෙන් දායක වෙමින් ඇය ජනප්‍රියත්වයට පත්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මානසික අවපාතය සමඟ ඇති වූ පසුබෑම තුල ඇය සියදිවි හානිකරගෙන ඇති බවට දැනට පැවසේ.
ඇය විසින් ලියා තිබූ ලිපියක් ද මේවන විට ඇගේ විසිත්ත කාමරයේ තිබී විමර්ශන කණ්ඩායම් සොයා ගෙන ඇතැයි සදහන් වේ. ඇගේ ජීවිතයේ අසුබවාදී භාවය එහිදි සදහන්ව ඇති නමුත් එම ලිපියේ තොරතුරු බලධාරීන් පුවත්පත්වලට හෙළි කිරීමෙන් වැළකී ඇත.
ඇයගේ මිතුරිය වූ රංගන සහ ගායන ශිල්පිනී Sulli ද පසුගිය සතියේ (14) සියදිවි හානිකරගනු ලැබුවාය.