වැට් බද්ද සියයට 08 දක්වා පහලට

(කොළඹ, ලංකාපුවත්) –සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී අද සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අද (27) පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළෙඹි බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට සියයට 15 ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන සියයට 2ක් වන බදු සියල්ලේ එකතුව වන සියයට 17 ක් වන මුළු බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *