මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම් දිස්ත්‍රික් ධීවර ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

එමෙන්ම එම ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සඳහා නිසි අලෙවි ක්‍රමවේදයක් මෙන්ම නියම මිලක් ලබා දීමටද පියවර ගන්නා බවද ඇමැතිවරයා කියයි.

දැනට මන්නාරම් දිස්ත්‍රික්කය තුළ පවතින ධීවර ගැටලු පිළිබඳවපසුගියදා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේදී ඇමැතිවරයා මෙම අදහස් පළකලේය.

මෙම සාකච්ඡාව සංවිධානය කිරීම මන්නාරම් දිස්ත්‍රික් EPDP සංවිධායක චන්දෘ මහතා විසින් සිදු කරන ලදි..මන්නාරම හා තලෛමන්නාරම යන ප්‍රදේශවල ධීවර සමිති ක්‍රියාකාරීන් මේ සඳහා සහභාගී විය
.එහිදී ඇමැතිවරයාට එම නියෝජිතයින් පවසා සිටියේ දිවයිනේ අනිකුත්ප්‍රදේශවල ධීවර කාර්මිකයන්ට පවතින ගැටළු තම ප්‍රදේශයේ ධීවර කාර්මිකයන්ට ද නොඅඩුව පවතින බවත්, ඊටත් වඩා සුවිශේෂී ගැටළු තම ප්‍රදේශයේ ධීවරයින්ට පවතින බවත්ය.

විශේෂයෙන්ම ඉන්දීය ධීවර ගැටලුව ,තහනම් දැල් ආම්පන්න භාවිතය,මුහුදු කූඩැල්ලන් ඇල්ලීම පිළීබඳ පවතින නීතිමය ගැටලු,මෙන්ම තවත් ගැටලු රැසක් පිළිබඳව මෙහිදී ඇමැතිවරයා හමුවේ මන්නාරම් ධීවරයෝ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.

මේ ගැන අවධානය යොමු කර එම ධීවර කාර්මිකයන්ගේ ගැටලු වලට නිසි විසඳුම් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

මෙහිදී ඇමැතිවරයා මන්නාරම ධීවර කාර්මිකයන්ගේ ගැටලු හොඳින් තමන් අවබෝධ කරගෙන ඇති බවත්, එම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන බවටත් පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *