යාල්දේවි පීලිගත කිරීම කඩිනමින්

(කොළඹ, ලංකාපුවත්) –ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්වූ ‘යාල්දේවි‘ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද(28) දිනය තුළ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ හැකි බව, දුම්රිය ආරංචි මාර්ග සදහන් කළේය. යාපනය සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වුණේ ඊයේ (27)සවස 3.30ට පමණය.

මැදිරිය 5ක් මාර්ගයෙන් ඉවතට ගොස් තිබේ. අනතුරින් දුම්රිය මැදිරිවලට මෙන්ම,දුම්රිය මාර්ගයට ද බරපතල හානි සිදුවිය. පීලි පැනීමත් සමග මගීන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුවී තිබේ.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට ගල්ගමුව දක්වා සිදු කෙරෙන අතර, අඹන්පොළ ගල්ගමුව අතර බස් සේවාවක් ක්‍රියාත්මක කර, මගීන් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *