ස්විස්ටර්ලන්ත නිලධාරිනියට තර්ජනය කලැයි සිද්ධියට විමර්ශණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහාය ඊට ලැබෙන බව එම අමාත්‍යාංශය සදහන් කරයි. මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ලාංකීය නිලධාරිනියක තාවකාලිකව පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට වාර්තා වුයේ, ඊයේ(27) දිනයේදීය.

තානාපති කාර්යාලයට අදාළ තොරතුරු අනාවරණය කරන ලෙසට බලපෑම් කර පැය 2ක පමණ කාලයකින් පසු ඇය නිදහස් කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, බර්න් නගරයේ විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය වෙත කැඳවා සිද්ධිය පිළිබඳ විමසා ඇත.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පැහැරගෙන බලපෑම් කළ බවට සැළකෙන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =