(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති සමාව හිමිවූ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තිකරුට රටින් පිටවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඒ ලබන 11 වනදා දක්වාය.
විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයකට ලක්කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළේ කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයකි. පෙත්සම දෙසැම්බර් 10 වනදා යළි කැඳවීමටයි නියමිතය.