මාස 9ක් තුළ HIV ආසාදිතයින් 3000ක්

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ ගතවු මාස 09ක කාලය තුළදී එච්.අයි.වී ආසාදිතයින් 3393 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රති වෛරස් ඖෂධ රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා ගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *