ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය ගැන සොයා බලනවා

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකයෙකු සම්බන්දයෙන් සිදුවූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් කරුණු සොයා බලන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(28) බත්තරමුල්ල නිවාස අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී කොළඹ ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සාමාජිකයෙකු සම්බන්දයෙන් සිදුවූයේයැයි කියන සාපරාදී සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදීය.

තමන් අදාළ සිද්ධිය පිළිබඳ කරුණු විමසූ බවද කී අගමැතිවරයා එවැනි සිදුවීමක් සිදුවුණා නම් එය කනගාටුදායක සිද්ධීන් ලෙස ද පැවැසීය. අදාළ සිද්ධිය පිළිබඳ අවට තිබෙන සී.සී.ටී.වි කැමරා පරීක්ෂා කරබලා වාර්තාවක් දෙන ලෙස ඉල්ලා තිබෙන බවද මෙහිදී පැවසූ අගමැතිවරයා තමා අදාළ තානාපතිවරයා, ඔහුගේ සහායකවරයකු මුණ ගැසුන බවත් පොලිස්පතිවරයා, රහස් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කළ බවත් කීය.

පැමිණිල්ලක් තිබුණත්, නොමැති වුවත් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන ලෙස තමන් උපදෙස් ලබා දුන් බවද ප්‍රකාශ කළ අගමැතිවරයා දමිළ නාම පුවරු ගණනාවක් ගලවාගෙන ගොස් තිබෙන බවද පැවසීය. මේ සියල්ල පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද අගමැතියවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =