ඉන්දීය අගමැති ජනපති ගෝඨාභයට සිංහලෙන් සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පිළිගැනීමට ලැබීම සතුටක් බව සිය ට්විටර් ගිණුමේ සිංහලෙන් සටහනක් තබමින් පවසා තිබේ.

එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය දෙරටේ බැඳීම් ශක්තිමත් කිරීමට හා සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇති බව එහි වැඩි දුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *