සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල ගාල්ල අවට මුහුදු තීරයේ සැරිසරන සීල් මත්ස්‍යාට ආහාර ලබාදීමෙන් හෝ එම සත්ත්වයා අසලට ගමන් කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුව හෝ සත්වෝද්‍යාන වෙතට මෙම සත්ත්වය ලබාදීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් දැල් දමා එම සත්ත්වයා අල්ලා ගැනීමට ද උත්සාහ දරමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

මෙම සත්ත්වයා සඳහා අවශ්‍ය පහසුකම් මෙරට සත්ත්වෝද්‍යාන තුළ හෝ වනජිවි දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මෙවැනි සත්ත්වයෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ප්‍රථම වතාවට වන අතර, මීට පෙර ඕමානය, වියට්නාමය සහ ඉක්වදෝරය යන රටවලට සීල් මත්ස්‍යයින් පැමිණ ඇති බවට තොරතුරු පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

මුහුදු සිංහයෙකු ලෙස මෙරට ජනතාව විසින් වැරදි ලෙස මෙම සත්වයා අර්ථකථනය කර ඇති අතර මෙමල් සීල් මත්ස්‍යා සීතල සාගර ජලයේ ජීවත් වන සතෙකි.

මේ සත්වයාට අප වැනි උණුසුම් උෂ්ණත්වයත් සහිත රටක ජීවත් වීමබොහෝ දුෂ්කරවේ. මෙම සත්වයා යමෙකුට බැලීමට අවශ්‍ය නම් ඔවුන් අවම වශයෙන් සත්වයාගෙන් මීටර් 50 ක් දුරින් සිටිය යුතු යැයි ද ප්‍රදීප් ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේය.

“කෙසේ නමුත් සත්වයා බැලීමට පැමිණෙන ජනතාව සත්වයා නැවත මුහුදට තල්ලු කරමින් ආරක්ෂිතව පිහිනා යාමට බල කරයි. මිනිසුන් සත්වයා සමඟ ඡායාරූප ගන්නවා, සත්වයා ස්පර්ශ කිරීමට උත්සාහ කරනවා. මෙම ක්‍රියාවන් එම සත්වයා බොහෝ අනතුරකට ලක් කරයි. සීල් මත්ස්‍යයා අල්ලා ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස ප්‍රදීප් කුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සීල් මත්ස්‍යා අල්ලාගන්නා අයෙකුට විශාල මුදලක් ලබා දෙන බවට ද අසත්‍යය කටකතා පැතිරෙමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *