තායිලන්තයේ පදික මාරු ත්‍රිමාන වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පදික මාරු වලදී සිදුවන මාර්ග අනතුරු වැඩිම රටක් වශයෙන් තායිලන්තය හැදින්විය හැකිය.

රියැදුරන්ගේ වේගය පදික මාරු අසලදී අඩාල කරගැනීම උදෙසා එරට රජය අපූරු උපක්‍රමයක් ක්‍රියාවට නංවා තිබේ ඒ ත්‍රිමානව ඈතට පෙනෙන ලෙස පදික මාරුව සිත්තම් කිරීමයි.

ඒ අනුව මෙහිදී මාර්ගය හරහා මාරුවන්නන්ව පෙනෙනුයේ සුදු ලෑල්ලක් මත සිට මාර්ගයට තරමක් ඉහළින් ගමන් කරන අයුරක් දිස්වේ.

මේ අලුත් ⁣උපක්‍රමය හේතුවෙන් පදික මාරු වලදී සිදුවන අනතුරු 80% කින් අඩුවී ඇති බව සඳහන්වේ.

ස්වේච්ඡා කණ්ඩායමක් විසින් මෙම පදික මාරු පිංතාරු කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ. පසුගිය මාස කිහිපය තුළ ඔවුන් පාසැල් හා පන්සල් අසල හයක් අසල මෙම මාර්ග පින්තාරු කිරීම් සිදු කර ඇත.

තායිලන්තයේ ජාතික සෞඛ්‍ය ආරක්ෂණ කාර්යාලය විසින් මේ මාසයේ ප්‍රකාශයට පත් කරන ලද පසුගිය සිව් වසරක සංඛ්‍යාලේඛනවලට අනුව තායිලන්තයේ පදිකයින් සම්බන්ධ අනතුරු 10,672 ක් සිදුවී ඇති අතර 900 කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *