ලන්ච් ෂීට් නිෂ්පාදකයින්ට නව නීති

(කොළඹ, ලංකාපුවත්) – ආහාර දවටන හෙවත් ලන්ච් ෂීට් නිෂ්පාදකයන්ට නව නීති හදුන්වාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමටෙ කටයුතු කර ඇත.

සන්නාම නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයින්ගේ මිල, ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය එහි සඳහන් කළයුතු බව අධිකාරිය පවසයි. නිෂ්පාදන සඳහා භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප‍්‍රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ඇතුලු කරුණු එහි ඇතුලත් වියයුතු බව ද ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

ආහාර දවටනයක දිග සහ පළල ද ඇතුලත් කර භාෂා තුනෙන්ම සකස් ලේඛනයක් ඒවායේ අන්තර්ගත කළයුතු බවයි අධිකාරිය පවසයි. ලබන වසරේ ජුනි මස 01 වනදා සිට නව නීති කි‍්‍රයාත්මක කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *