සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද(02) ආරම්භ වේ.

පෙරවරු 08 .30ට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් 717,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවයි සනත් පූජිත මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *