ආපදා තත්ත්වයෙන් පවුල් 4153ක් පීඩාවට -ඉදිරි දින දෙක තුළ වැස්ස වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

වලපනේ ප්‍රදේශයෙන් මරණ 3ක් වාර්තා වෙන අතර මේ වන විට වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන්, නිවසක එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් අතුරුදන් වු බවත් එයින් එක් අයෙක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිය සහයෝගය ලබා දෙනු ඇත. එසේම මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද කොඩිප්පිලි මහතා පැවසීය.

නිවාස හානි 6ක් හා අර්ධ වශයෙන් නිවාස 859 හානි වී ඇත.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව නිවේදනය කර ඇත්තේ දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද(03) රාත්‍රී කාලයේ සිට හෙට(04) සහ අනිද්දා(05) දිනයන්හි වැඩි වෙන බවයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර ,ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි‍ හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ 1 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *