බෙත්ලෙහෙමේ නත්තල් ගස ආලෝකවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –නත්තල් සමයේ ආරම්භය සනිටුහන් කරමින් බෙත්ලෙහෙම් නගරයේ දී සම්ප්‍රදායානුකූල දැවැන්ත නත්තල් ගස ආලෝකමත් කෙරිණි. මෙය සෑම වසරකම නගර බලධාරීන් විසින් ආලෝකමත් කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.

මේ නත්තල් ගස පිහිටා තිබෙන්නේ බෙත්ලෙහෙමේ උත්පත්ති දෙව්මැදුර අසලයි. නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවයට සහභාගී වීමට විශාල පිරිසක් මේන්ජර් චතුරශ්‍රය වෙත පැමිණ තිබුණි.

දීප්තිමත් විදුලි බුබුළු සිය ගණනක් යොදාගෙන නත්තල් ගස ආලෝකමත් කර තිබූණි. රාත්‍රී අහස ආලෝකමත් කරමින් විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.

බයිබලයේ සඳහන් වන අන්දමට ජේසු කුමරුගේ උත්පත්තිය බෙත්ලෙහෙමේ සිදු වී ඇති අතර නත්තල් සමයේ සංචාරකයන් කතෝලික බැතිමතුන් ඇතුළු විශාල ජනකායක් බෙත්ලෙහෙමට පැමිණෙති.

නගර බලධාරීන් සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම එහි නත්තල් ගස ආලෝකමත් කරමින් ඔවුන්ට මේ අපූර්ව අත්දැකීම ලබාදීමට කටයුතු කරන බව සඳහන්.

බටහිර ඉවුරේ, ගාසා තීරයේ සහ නැඟෙනහිර ජෙරුසලමේ පලස්තීන ජනගහනයෙන් 1%ක් පමණ කිතුනුවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =