අගමැති, පකිස්තානයේ ආරාධනය පිළිගනියි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාහට පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය ඔහු විසින් පිළිගෙන තිබේ.

මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේය.

මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබේ.

දැනට දෙපාර්ශවය අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ හැකි වනු ඇති බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මෙම සාකච්ඡාවේ දී වෙළෙදාම් ප්‍රවර්ධනය කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, තරුණ විරැකියාව, කෘෂිකර්මාන්තය යන කාරණා පිළිබදව සාච්ඡාවට ලක් වු බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *