පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනම සිසුන්ට දීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –2020 වසර සඳහා නියමිත පෙළ පොත් පළමු පාසල් වාරයේ පළමු දිනම සිසුන්ට ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

2020 වර්ෂය සඳහා මුද්‍රණය කළ පාසල් පෙළ පොත්, සිසුන් 1500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුව බෙදා දී ඇත. අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

සිසුන් 1500ට අඩු, අමාත්‍යාංශය විසින් සෘජුව පෙළ පොත් ලබාදී නොමැති පාසල්වල සිසුන් වෙත ලබා දී නැති බවත්, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලින් පාසලවලට අදාළ පෙළපොත් රැගෙන ගොස් නැති බව ද අනාවරණය වී තිබේ.

පාසලට අදාළ සියලු පෙළපොත් අදාළ මධ්‍යස්ථානවලින් භාරගෙන 2020 පාසල් වර්ෂයේ පළමු පාසල් දිනයේ සිසුදරුවන්ට ලබාදීමටත්, පෙළ පොත් ඌනතා පිළිබඳ දැනුම් දීමක් තිබේ නම් 0112784815 අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලු විදුහල් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *