ස්විස් තානාපති කාර්යාලයේ කතට රට ගමන් තහනම්

(කොළඹ, ලංකාපුවත්) –පැහැර ගැනීමට ලක් වුවා යැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාවට අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඇයට මේ මස 9 වැනි දිනට පෙර රහස් පොලිසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඊයේ (03) නියෝග කළාය.

රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ කරුණු දැක්විම සළකා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රජයේ අධි නිතිඥ ජනක බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව සුදු වැන් රථයකින් පැහැර ගොස් ලිංගික අතවර සිදු කැර නිශාන්ත සිල්වා යන අයකුට විසා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර රඳවා තබා ගෙන මුදා හැරි බවට ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය හරහා ලිඛිතව රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබි ඇති බවයි.

පොලිස්පති නියෝගයට අනුව මෙහි විමර්ශන ආරම්භ කැර ඇති රහස් පොලිසියට මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව සම්බන්ධ නිසි අනන්‍යතාවය හෙළි කැර නොමැති බව සඳහන් කෙළේය.

මහේස්ත්‍රාත් — ඇය සම්බන්ධයෙන් වාචිකව විමසුවාද. ?

රජයේ අධි නිතිඥවරයා — ඔව් ඒ පිළිබදව ඔවුන් පිළිතුරු දිම ප්‍රතික්ෂ්‍රේප කරනවා.

මහේස්ත්‍රාත්— පිළිගත හේතුවුක් ඉදිරිපත් කරනවාද .?

රජයේ අධිනිතිඥවරයා —- 11/29 ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා.එම පැමිණිල්ලේ කාන්තාව සිද්ධිය වු දවසේ සිදු විම විස්තර කර තිබෙනවා.මෙම සිදු වීම පසිඳලිම අත්‍යවශ්‍ය කරුණක් කාන්තාවගේ විස්තර සපයන්නේ නැත්නම් අප කෙසේ ද ස්වාමිනි යුක්තිය පසඳලන්නේ.

මෙම තැනැත්තියගේ විස්තර සොයා ඇය පැහැර ගත් බව කියන ස්ථානය අප ගියා එහි පැමිණි බවට පැමිණිල්ලේ සඳහන් වු නිසා එමඟින් ඇයගේ ජංගම දුරකථන අංකය සොයා විමර්ශන පැවැත්වුවා.

බැංකු නිලධාරියකු වු ඇයගේ ස්වාමිපුරුෂයාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වුවා.ඇය ගිය බව කියන කුලි රථ රියදුරුගේ ප්‍රකාශ ලබා ගත්තා .ඇය පදිංචි ස්ථානය ද සොයා ගියා.එහි ඇය නැහැ.එහි සිටි ආරක්ෂක නිලධාරියකු ඇය රට ගියා කිව්වා.

කරුණු එසේ නම් ස්වාමින් ඇය ඇත්තේ නම් පැහැර ගැනිමට ලක් වුයේ ද ?. කවරෙකු හෝ ඇය පෙළඹවා ගත්තා ද .මෙම තැනැත්තියගේ ප්‍රකාශ ලබා ගැනිම අත්‍යඅවශ්‍ය කරුණක් .ඇය විදේශ.ගතවුව.හොත් විමර්ශනය එතැනින් නවතිනවා.මේ මඟින් රටට අහිත කර තත්ත්වයක් ඇති වෙනවා.

එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 7 වැනි වගන්ති ප්‍රකාරව හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව ඇයගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවිමට ඉල්ලිමක් කරනවා.එමෙන්ම ස්වාමිපුරුෂයා ද කට්ටි පනිමින් සිටිනවා. ඔහුගේ ද විදේශ ගමන් තහනම් කරන ලෙසට මෙහිදි ඉල්ලිමක් කරනවා.

මහේස්ත්‍රාත් — තානාපති කාර්යාලයේ ප්‍රකාශ ගත්තාද ?.

පොලිසිය —- අප ගිය අවස්ථාවේ කරුණු පැහැදිලි කිරීමක් කළා.ප්‍රකාශ දුන්නේනැහැ.පසුව ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නා.

මහේස්ත්‍රාත් —– එම වාර්තාවේ කාන්තාව නිශ්චය කර නැහැ.

පොලිසිය —- නැහැ.ගාර්නියා මුනිස්ටර් නැමැති ශ්‍රී ලාංකික කාන්තාවක් බවට කරුණු තහවුරු වුණා.

මහේස්ත්‍රාත් —- මෙම කාන්තාව පර්යේෂණ කරුණු අනුව තහවුරු කර ගත්තේ ද ?.

පොලිසිය —-ඔව්

මහේස්ත්‍රාත් —– ඇයගේ ප්‍රකාශ ලබා ගන්නට උත්සාහ කළා ද?.

පොලිසිය —- අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්ති ප්‍රකාරව දැන්විමක් ඇයට ලබා දී තිබෙනවා. 2 වැනි දින පැය 16ට පෙනි සිටින ලෙසට රාජකාරි ස්ථානයට මෙම දැන්වීම බාර දුන්නා.

ඇයගේ පුරුෂයා සේවය කරන පෞද්ගලික බැංකුව වෙත ද මෙම දැන්වීම ලබා දුන්නා.සමිප ඥාතීන් සොයා ගියා .ඇයගේ මවගේ අම්මාගේ නිවෙසට ගියා.වියානා නීතියට අනුව තානාපති කාර්යාලය සොදිසි කරන්න් බැහැ .

අද වනතුරු ජංගම දුරකථන විසන්ධි වෙලා .පුරුෂයාගේ දුරකථනයත් විසන්ධි.

අදාළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙය සත්‍ය කරුණක් ද ?. අසත්‍ය කරුණක් ද යන්න තහවුරු කර ගැනීම සදහා විමර්ශන පැවැත්වමි අත්‍යඅවශ්‍ය බවත් ඇයගේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලය ඇය ඉදිරිපත් නොකර බවට කරුණු අනාවරණය වන අතර රහස් පොලිසිය ඇයට ප්‍රකාශ ලබා දීමට රහස් පොලිසියට පැමිණෙන ලෙසට දැන්විමක් ද යොමු කර ඇති බවට කරුණු අනාවරණය වන බව සඳහන් කළාය.

මෙම කරුණු අනුව ඇයගේ ප්‍රකාශ ලබා ගැනිම අත්‍යඅවශ්‍ය කරුණක් බැවින් ඉදිරි නඩු දිනට පෙර ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිට ප්‍රකාශයක් ලබා දිමට නියම කළාය.

ඊට අමතරව විදේශ ගමන් තහනම් කිරීමට සෘජු ප්‍රතිපාදන නොමැති නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 7 වැනි වගන්ති ප්‍රකාරව හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වැනි වගන්ති ප්‍රකාරව වින්දිතයකු ලෙස සැලකෙන ඇයගේ විදේශ ගමන් තහනම සම්පුර්ණයෙන් නවතාලිම නුසුදුසු බැවින් ප්‍රකාශය සටහන් කර ගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවිමට නියම කිරිමට නියෝග කළාය.

එමෙන්ම ස්වාමිපුරුෂයාගේ විදේශ ගමන් තහනම අත්හිටුවිමේ නියෝගය ප්‍රතික්ෂ්‍රේප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කරනු ලැබුවේ ඔහු මෙම සිද්ධියේ ප්‍රධාන සාධකයක් නොවන බවයි.

නඩුව යළි කැඳවිම ලබන 12 වැනි දිනට කල් තැබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ ජනක බණ්ඩාර සමඟ රහස් පොලිසියේ මිනි මැරුම් අංශයේ ස්ථානාධිපති රංජිත් මුණසිංහ,ඉන්දික ලොකුහේට්ටිගේ යන අය සමඟ නිලධාරීන් කිහිපදෙනකු පෙනි සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *