2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය ලයොනල් මෙසීට

(කොළඹ, ලංකාපුවත්) – 2019 බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය හිමිකර ගැනීමට ආර්ජන්ටිනාවේ ලයොනල් මෙසී සමත් විය.

ඔහු මෙම සම්මානය හිමිකර ගත් 6වන අවස්ථාව මෙයවේ.

මෙවර වසරේ ක්‍රීඩකයාට හිමි බැලොන් ඩිඕර් සම්මානය ආර්ජන්ටිනාවේ ලයොනල් මෙසීට හිමිවිය.

මෙසී මීට පෙර 2009, 2010, 2011, 2012 සහ 2015 යන වසර වලදී මෙම සම්මානය හිමිකර ගෙන තිබේ.

මෙවර සම්මානය සඳහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද නිර්දේශ වී සිටියා.

මේ අතර වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ අමෙරිකාවේ මේගන් රැපීනෝටයි.

මෙවර කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ආමරිකා කණ්ඩායම මෙහෙයවමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් මේගන්ට මෙම සම්මානය පිරිනැමීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 19 =