ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.

ඒ ඊයේ (04) අගරදගුරුගේ නිවසේදීය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් හා අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අතර අන්‍යෝන්‍ය අවබෝධතාවයන් සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක්ද පැවැත්විනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *