ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩුකරන බව සමාගම් ප‍්‍රකාශ කරයි.

නොවැම්බර් මාසයේදී මිල රුපියල් සියයකින් ඉහළ ගොස් තිබේ. එහෙත් වැට් බදු අඩු කිරීමට රජය පියවර ගනු ලැබීය. ජාතික ගොඩනැගීමේ බද්ද ද ඉවත් කර තිබේ. ඒ අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම අරමුණ වේ. මිල රුපියල් 75 ත් 85 ත් අතර ගණනකින් අඩුවන බව සිමෙන්ති සමාගම් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *