ත්‍රස්ත ප්‍රහාරයකට සැරසුණු තරුණයකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තරුණයෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ වයස අවුරුදු 21ක් බව වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම තරුණයා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වන බවට ද සදහන් වේ.

වෙබ් අඩවිවල අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත.

සුප්‍රකට ලන්ඩන් පාලම මත පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සින අනුගාමිකයෙකු විසින් සිදු කරන ලද බවට අයිඑස් සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබිණ. එවන් අවස්ථාවක දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනිණ.

මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවයි ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *